Thursday, November 29, 2012

අන්සතු ප්‍රේමිය..

ඉඳුවර සැණකෙළි
කුමටද සොඳුරිය..
බඹසර පැවතුම්
බිඳලන සොබනිය..
තරු පිරි අහසක
දිදුලන කුමරිය...
නිදි නැති රෑ යම
කළඹන කලණිය..

දෙනුවන් රවටන
සොඳුරු රුවැත්තිය...
මුතුවන් දසනින්
සිනා දෙවන්නිය....
ගිනි ගෙන හදවත
දැවෙනා අරුමය...
හදවත ඉල්ලන
අන්සතු ප්‍රේමිය.......

11 comments:

  1. //ගිනි ගෙන හදවත
    දැවෙනා අරුමය...
    හදවත ඉල්ලන
    අන්සතු ප්‍රේමිය.......//

    මේක නම් භායනක වැඩක්....

    මම පද ටිකට කැමතියි...

    ReplyDelete
    Replies
    1. Risk එකක් ගත්තොත් බෝගම්බර යන්න වෙයිද දන්නෙ නෑ...

      Delete
  2. කවියේ රටාව මාර ගති. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාරා....

      Delete
  3. මගෙ හදවත්ත කාලයන් අනුසතු ප්‍රෙමියක් ඉල්ලුව පස්සෙ මන් තෙරුම් ගත්තා අන්සතු කියන්නෙ මොකක්ද කියලා....

    ReplyDelete
    Replies
    1. අනිත් අයට ද්‍රැනෙන්නත් එක්ක කැමති නම් කියන්න...

      Delete
  4. Replies
    1. සමකය වටේ යන කොට වෙන දේවල් තමයි මේ... ;)

      Delete
  5. සුපිරි ඈ ............
    අහසින් පොලවට බ්ලෝග පැත්තේ ඇවිල්ල යන්න එන්නෝ.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ...

      Delete
  6. පද ගැලපීම සුපිරියි....ලස්සනම කවියක් ලොකූ......පදෙන් පදේ හරි අපූරුවට ගලපල තිබුණා....නියමයි....

    ReplyDelete