Tuesday, December 18, 2012

නන්නාඳුනන සිහිනය..

නිල් අහස නුඹ වගේ
උදෑසනම හිරු නැගෙන,
අවිහින්සක ඔය සිනාව
සිත්තම් කරාවි හිස් අහස...

ඉඟි පාන දඟකාරී නුඹ
කවියක් වෙලා මගේ හිත,
ගෙන ගිහින් අනන්තයට
මටත් හොරා හෙමිහිට....

සමනළියක් වගේ නුඹ,
නෙතු මානයේ පියඹද්දි,
හීනයක රඳවලා මං,
පැන ගිහින් නුඹ හනිකට...

සඳවතිය ලඟ ඉද්දි
තරු ගොන්නෙ නුඹ සෙව්වෙ,
සැඟවිලා ගිහින් නුඹ මගේ
නන්නාඳුනන
        සිහිනය වෙලා අද .....


14 comments:

  1. උපරිමයි ......... තනිකම සැපයි ...

    ReplyDelete
  2. //ඉඟි පාන දඟකාරී නුඹ
    කවියක් වෙලා මගේ හිත,
    ගෙන ගිහින් අනන්තයට
    මටත් හොරා හෙමිහිට....//

    මම ආසයි මේ කොටසට... :)

    ReplyDelete
    Replies
    1. ලිහිණිත් හොරකමක් කරල වගේ...

      Delete
  3. meeka kaleth ara oyaage "nanaadunanniya" mada?

    mage thaniyata thanikama indeddi.....,mata mona thanikamak da lokuuu....

    kawiya lassanai.mn meekata aasai.

    ReplyDelete
  4. meeka maarama maara lassanai.eththamai.mn dan meeka 7 weni paarata withara kiyawanne..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.... ම්ම්ම්ම් සතු‍ටුයි සතු‍ටුයි...

      Delete
  5. ආදරය කොයිතරම් දැනුනත් නන්නාඳුනන සිහිනයක් වෙලා මොකටද..
    නන්නාඳුනන්නියකට තවත් කවි සිතිවිල්ලක් වගෙයි.. ලස්සනයි..!

    ReplyDelete
    Replies
    1. නන්නාඳුනන විදිහටම ඉන්න එකත් එක අතකට හොඳයි.

      Delete
  6. කවි ලියනවා නෙමෙයි කවි මරණව කියන්නෙ මෙන්න මේකට....නියමයි....හරිම ලස්සනයි ලොකූ...

    ReplyDelete
  7. සඳවතිය ලඟ ඉද්දි
    තරු ගොන්නෙ නුඹ සෙව්වෙ,
    සැඟවිලා ගිහින් නුඹ මගේ
    නන්නාඳුනන
    සිහිනය වෙලා අද .....//////

    ReplyDelete
  8. සදවති ළග නැති දාක
    බැස අවිත් අහසින් නොකියාම
    නැවතිලා හිත ලගින් මහ ‍රැක
    ගුලිවෙන්න නැතත් මල් යහනක
    නිදිවදිමු ඒ නනදුනන සිහිනයක

    ReplyDelete
  9. සද ලග ඉදින මො‍හොතක
    තරු අතර සැගවීගෙන
    නාදුනන දෑසක් සොයන නුඹ
    සදවතියගෙ දෑස නොරිදවාද?

    තරු සොයන නුඹට වාගෙම
    සදවතිටත් හදවතක් තියෙන වග
    අමතක නොකළොතින් පමණක්
    නුඹ සැබෑ කවියෙක් වනු ඇත සබද!

    ReplyDelete
  10. කවිකාරයෙක් වගේ....

    ReplyDelete