Monday, May 22, 2017

කින්නර සිහිනයේ තවත් දවසක්........

මම දන්නවා දැන් අපිට අපි නැතුවම බැරි වෙලා. මගේ ලඟට වෙලා ඉන්න කොට ඔයා කරන චූටි චූටි දඟ වැඩ හැමතිස්සෙම මතක් වෙනවා. ඒ දඟ වැඩ නැතුව පාළුයි වගේ. ඔයත් එක්ක ගෙවන හැම දවසක්ම මට අලුත් දවසක්. ඒ දවස මතකයන් ගොඩාක් ජීවිතේට එකතු කරන දවක්. ඔයාගෙ පුංචි හිත හරිම සංවේදී.. ඔයා සතුටු වෙන්නේ හරිම පුංචි දෙවල් වලින්.

ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා මාව සතුටින් තියන්න. මට ඔයාව මෙච්චරටම වටින්නෙ ඒකයි.. ඔව් ඔයා මගේ පන. අපි දවසක එකට ජීවත් වෙමු... ඔව් අපි සතුටින් ජීවත් වෙමු ඔයාගේ දඟ වැඩත් එක්ක.

දඟකාර සඳවතිය,
බැහැ නුඹට සැඟ වෙන්න..
මම ඉන්නවා බලාගෙන,
ඇසිපිය නොහෙලාම.......

මුළු දිවියම මගෙත් එක්ක,
දඟ කරන්න නුඹ එන්න....
මම ඉන්නවා බලාගෙන,
නුඹේ හිමි කුමරු වෙන්න........

෴ ලොක්කයියා ෴

No comments:

Post a Comment