Wednesday, August 7, 2019

මළගමක්.....

වෙලී එල්ලී නුඹට පෙම් කල,
මම උනා නුඹට කරුමයක්...
අතින් අල්ලන් මග කියද්දී,
මම උනා නුඹට වදයක්....

ජීවිතේ මග නුඹම වෙද්දි මට,
මම උනා නුඹට හෙනහුරෙක්...
හිනැහෙද්දි නුඹ හුරතලෙන් ලඟ,
මම උනා නුඹට නපුරෙක්...

තවත් ඉන්නද නොයින්නද මම,
ජීවිතේ මට දුක් ගොඩක්....
කියන් සොඳුරිය හනික අද හෙට,
දකින්නට මගෙ මළගමක්.....

෴ ලොක්කයියා ෴

 

No comments:

Post a Comment