Thursday, October 3, 2024

නාපෝලියේ මනාලිය...

සිහින් රත් දෙතොල් පෙති,
ඇත්දළ පාට දෙකොපුල්,
උනුහුමින් මත් උනු,
ඇගේ අනුරාග කෙඳිරිලි..

දහදියෙන් තෙත් උනු,
නිතඹ වසා දික් උනු,
තඹ පාට ගණ වරලස,
මවයි සයනයේ සිත්තම...

රෝමයේ දෙවඟන,
පරදන සොඳුරු උවැසිය,
ඉතාලියෙන් ගෙනා මගේ,
නාපෝලියේ මනාලිය...

෴ ලොක්කයියා ෴

No comments:

Post a Comment