
බොඳවුනු සිහින්යක්ද,
අතීතය සිත්තමක් කෙරු,
මගේ සිහින සිත්තරාවිය,
හිමිදිරිය පරදන,
සිනා මුව සඟවාගෙන,
පුංචි සිඟිත්තියක,
ළැමට තුරුලු කරගෙන,
විසල් යුග නෙතු,
බොඳ කරන් අද,
පිය මැන්නා බෝ මලුව,
දිහාවට...
නැවතුනා මොහොතකට,
හමුවුනා දෙනෙත් යුග,
පෙරදා වගේමයි,
ඒ සුවඳ දැනුනා මට...
දොඩමලු වුනු අපේ සිත්
වෙන්වුනා මොහොතකට,
නොකියූ කතාවක්,
හදවතේම සඟවගෙන...
ප/ලි .................................
අපිට අපි අහිමි වුන,
ලෝකයේ දෙතැනක,
නුඹ මෙන්ම මමත්,
සිහින දකිනවා තවමත්...
෴ ලොක්කයියා ෴
ජිවිතේ මහා පුදුමයි ලොක්කයියේ.අපි නොහිතන දේවල් මොන තරම් සිද්ධ වෙනවද ..
ReplyDeleteලස්සන පද ගැලපුමක් ...
ඇත්ත නෙතුකී... නොහිතන දේවල් තමයි හැමතිස්සෙම වෙන්නේ.. ස්තුතියි කමෙන්ට් කලාට..
Deleteවැඩියෙන්ම හිත ගියා ප.ලි යට :) හරිම ලස්සනයි පද ටික. වෙනදා වගේම..
ReplyDeleteස්තුතියි හිතුවෝ.. මාත් වැඩිපුර කැමති අන්තිම ටිකට... ;)
Deleteඇත්ත.. ජීවිතේ කියන්නෙ මායාවක් තමයි.ඒත් ජීවිතේ කොතන හරි වැරදෙන තුරු බොහෝ විට අපි ඒක තේරුම් ගන්නෙ නැහැ.
ReplyDeleteසමහර දේවල් දැනුම් තේරුම් යනකොට පරක්කු වැඩියි. එත් ආපස්සට හැරෙන්න බැහැ. ජීවිතේ විඳින්න හිතුවත් විඳවන්න වෙලා තියෙන්නෙ අපේ බලාපොරොත්තු වැඩි හින්ද වෙන්න ඇති.
Deleteඅපිට අපි අහිමි වුන,
ReplyDeleteලෝකයේ දෙතැනක,
නුඹ මෙන්ම මමත්,
සිහින දකිනවා තවමත්..
... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
ඒ හින ගොඩත් අරන්
එන්න යලි පිය නගමු
ආයෙමත් අතීතෙට?
නැත්නම් අනාගතයට?
අනාගතය දුර වැඩියි,
Deleteඅතීතයත් බොඳ වෙලා..
අද දවසත් අයිති නෑ අපිට,
ජීවිතෙන් බෝ දුර නිසා...
අපූරුයි...
ReplyDeleteස්තුතියි තාරා.....
Deleteමටත් අදහගන්න බෑ....
ReplyDeleteඑකම කතාවද?
Delete