Tuesday, May 8, 2012

මායාව..

අදහගන්නත් බෑ මට,
මේ දකින්නේ මායාවක් ද,
බොඳවුනු සිහින්යක්ද,

අතීතය සිත්තමක් කෙරු,
මගේ සිහින සිත්තරාවිය,
හිමිදිරිය පරදන,
සිනා මුව සඟවාගෙන,
පුංචි සිඟිත්තියක,
ළැමට තුරුලු කරගෙන,
විසල් යුග නෙතු,
බොඳ කරන් අද,
පිය මැන්නා බෝ මලුව,
දිහාවට...

නැවතුනා මොහොතකට,
හමුවුනා දෙනෙත් යුග,
පෙරදා වගේමයි,
ඒ සුවඳ දැනුනා මට...

දොඩමලු වුනු අපේ සිත්
වෙන්වුනා මොහොතකට,
නොකියූ කතාවක්,
හදවතේම සඟවගෙන...

ප/ලි .................................

අපිට අපි අහිමි වුන,
ලෝකයේ දෙතැනක,
නුඹ මෙන්ම මමත්,
සිහින දකිනවා තවමත්...

෴ ලොක්කයියා ෴

12 comments:

  1. ජිවිතේ මහා පුදුමයි ලොක්කයියේ.අපි නොහිතන දේවල් මොන තරම් සිද්ධ වෙනවද ..
    ලස්සන පද ගැලපුමක් ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නෙතුකී... නොහිතන දේවල් තමයි හැමතිස්සෙම වෙන්නේ.. ස්තුතියි කමෙන්ට් කලාට..

      Delete
  2. වැඩියෙන්ම හිත ගියා ප.ලි යට :) හරිම ලස්සනයි පද ටික. වෙනදා වගේම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතුවෝ.. මාත් වැඩිපුර කැමති අන්තිම ටිකට... ;)

      Delete
  3. ඇත්ත.. ජීවිතේ කියන්නෙ මායාවක් තමයි.ඒත් ජීවිතේ කොතන හරි වැරදෙන තුරු බොහෝ විට අපි ඒක තේරුම් ගන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් දැනුම් තේරුම් යනකොට පරක්කු වැඩියි. එත් ආපස්සට හැරෙන්න බැහැ. ජීවිතේ විඳින්න හිතුවත් විඳවන්න වෙලා තියෙන්නෙ අපේ බලාපොරොත්තු වැඩි හින්ද වෙන්න ඇති.

      Delete
  4. අපිට අපි අහිමි වුන,
    ලෝකයේ දෙතැනක,
    නුඹ මෙන්ම මමත්,
    සිහින දකිනවා තවමත්..
    ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

    ඒ හින ගොඩත් අරන්
    එන්න යලි පිය නගමු
    ආයෙමත් අතීතෙට?
    නැත්නම් අනාගතයට?

    ReplyDelete
    Replies
    1. අනාගතය දුර වැඩියි,
      අතීතයත් බොඳ වෙලා..
      අද දවසත් අයිති නෑ අපිට,
      ජීවිතෙන් බෝ දුර නිසා...

      Delete
  5. මටත් අදහගන්න බෑ....

    ReplyDelete