Monday, May 28, 2012

පිපුනු මලක...


සදුත් නොමැති
තරු පිරි නැති
ඉර අවරට
ගියපු දිනෙක...

හෙලපු සුසුම්
වැටුනු කදුලු
මුතු අමුනා
ඉවර දිනෙක...

සිහින රැයක
නුඹේ සිනහා
රූ මානෙක
මැවෙන දිනෙක...

පිපුනු මලක
වැහි බිදුවක
ගී තනුවක්‌
වැයෙන දිනෙක...

යලි හමුවෙමු
ඉස්‌සර වගේ
පන්ති ගියපු
ශනිදාවක...

31 comments:

  1. ඉස්සර වගේ හම්බුණත් ඉස්සර වගේ ඉන්න විදිහක් නැහැනේ. ඔක්කොම වෙනස් වෙලානේ

    ReplyDelete
  2. ගවසන්නට තරුමුතුමල්
    ඉහිරුණු නුබේ වරල කොණක
    මග බලාන ඉන්නව මං
    ගල්කිස්සේ වෙරල කොණක

    ReplyDelete
    Replies
    1. අහසින් තරුවක්‌ කඩාගෙන
      මලකින් සුවද හොරාගෙන
      සුලගෙන් පාර අසාගෙන
      එනවද බිදුනු හිත හදාගෙන...

      Delete
  3. ඉස්සර දේවල් මතක් වෙනකොට ඇත්තටම දුකයි...

    ReplyDelete
    Replies
    1. සොඳුරු අතීතයක හිමිකාරයෙක් වගෙයි.

      Delete
  4. දවස් ගනන් කල් ගතවී
    ඒ හැමදේ වෙනස්වෙලා..
    හමුවූවත් පෙරදාමෙන්
    පන්ති ගියපු ශනිදාවක
    අපි අපිමද හමුවන්නේ
    සතා බලනු මැන
    මොහොතක්

    ReplyDelete
    Replies
    1. muthuMay 28, 2012 8:16 PM

      කාලය මහ ගොඩක්‌ ගිහින්
      ජිවිතයත් මහලු වෙමින්
      අපට අහිමි ජිව්තයෙන්
      කොහේ ගියත් ඒ අපි අපි මයි..

      Delete
  5. කාලය මහ ගොඩක්‌ ගිහින්
    ජිවිතයත් මහලු වෙමින්
    අපට අහිමි ජිව්තයෙන්
    කොහේ ගියත් ඒ අපි අපි මයි..

    ReplyDelete
  6. කාලය මහ ගොඩක්‌ ගිහින්
    ජිවිතයත් මහලු වෙමින්
    අපට අහිමි ජිව්තයෙන්
    කොහේ ගියත් ඒ අපි අපි මයි.

    ReplyDelete
  7. අහස
    හෙමින්
    තරු
    සිත්තම්
    අඳින
    සොඳුරු
    හැන්දෑවක
    වෙන්වෙන්නට
    බලන්
    නුබත්
    එනවද?
    එක
    ශනිදාවක....

    ReplyDelete
    Replies
    1. කවදා නමුත් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවනෙ, ඒත් සිතින් හෙමදාමත් ලඟින්..

      Delete
    2. වෙන්
      වෙන බව
      දන්නවා නම්
      එන්නේ නෑ මං ආයේ
      නුබ ඔහේ හිටපුදෙන් මගේ මේ හිත් මානේ...

      Delete
  8. පැරණි මතකයන් බොහොමයක් අලුත් වුණා.. ස්තුතියි ලොක්කයියේ!

    ReplyDelete
    Replies
    1. ස්තුති හැමදාම මේ පැත්තේ එනවට..

      Delete
  9. ශාලිත මහ‍තගේ ගීතයේ පදයක් නිසා ඒ ගීතය මතක් වුනා.. ජය !

    ReplyDelete
    Replies
    1. පිපුන මලක හැඩ දෑස වසා..

      Delete
    2. මටත් ඕකම හිතුනා...

      Delete
  10. අනේ ලව් සීන් නං මට එපා..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් තිබ්බත් වැඩක්‌ නෑ රජෝ ආදරේ නැතුව හික්‌ හික්‌ හික්‌

      Delete
  11. //..යලි හමුවෙමු
    ඉස්‌සර වගේ
    පන්ති ගියපු
    ශනිදාවක... //

    වාව්..කවිය නම් සුපර් අයියේ.හරිම ලස්සනයි...ලස්සන මතකයක්....

    ReplyDelete
  12. දිවෙන මතක
    ගුලිකරගෙන
    හමුවෙමු අපි
    ඉදිරි දිනක

    මෙවැනි පිළිතුරක් ඔබට ලැබේවා.....ලස්සනයි පුංචි කවිපද ටික....

    ReplyDelete
    Replies
    1. අන්තිමට කොහොම හරි මේ පැත්තෙ ආව නේද? ස්තුතියි....

      Delete
  13. හරිම ලස්සනයි කවි පද ටික.. හිතට වැදුනා වචන ටික නියමෙටම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රාර්ථනා..

      Delete
  14. ලස්සන පද පෙලක්... අපූරුයි

    ReplyDelete
  15. සඳු පිපුන මහ රෑක
    හිරු දවන දවලක
    සුර ලොවක
    අපායක
    මහ මුහුද මැදදි හෝ
    හමු උනොත් අපි දෙදෙන
    කතා කරමු,
    ඒ අතීතය ගැන.........
    සල් මලක සුවඳ සේ
    මා ලඟම දැවටිලා
    අපේ හෙට දිනක් ගැන
    හීන පොදි බැන්ඳ හැටි.....................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගෙ මිත්‍රයා.. මං දන්නවා ඔය හිත සෑහෙන්න දුර ගිහින් අතීතය විනිවිද දකින්න ඇති මේ කවිය ලියන්න කලින්.

      //සල් මලක සුවඳ සේ
      මා ලඟම දැවටිලා.. //

      ඒ සල් මල් සුවඳ කොහොම අමතක කරන්නද... නේද?

      Delete
  16. කාලය ගත වෙලා
    පන්ති ඉවරවෙලා
    වයසත් ගතවෙලා
    අපි ඈත් වෙලා.....

    ලොක්කයියා නියමයි කවිටික...

    ReplyDelete