
පළමු හාදුව නුඹට,
අමතක වෙන්නෙ කොහොමද,
නුඹ නැති උනාට
අද මගේ ලඟ....
හදවතින් ගැහි ගැහී
නළල් තලය සිපගත්තෙ මං,
අද වගේ දවසක
නුඹට මතකද?
සීතලට මිදුනු,
මගේ දෙතොලග
උණුසුම් කලා මොහොතකට,
ආදරේ පුරෝගෙන,
නුඹට මතකද?
තරු එක්කත් හිනා උනු
නුඹේ ඔය දෙනෙත් යුග,
කියාදුන්න මට ආදරේ ගැන..
මට වගේ අද නුඹට මතකද?
ඒක අමතක වෙන්නෙ කොහොමෙයි
ReplyDeleteඒක තමයි..
Deleteතරු එක්ක හිනැහෙන්න
ReplyDeleteඒ ආදරේ කිමිදෙන්න
උණුහුමේ දැවටෙන්න
දෙවිදුනි වරමක් දෙන්න
දෙතොල තබමින් සිපගන්න
ආයෙ ආයෙත් විදගන්න
ඔහු ලගට වී ඉන්න
දෙවිදුනි එක වරමක් දෙන්න
ලස්සනයි...මම ආසයි මේ පද ටිකට
තරු එක්කත් හිනා උනු
නුඹේ ඔය දෙනෙත් යුග,
කියාදුන්න මට ආදරේ ගැන..
මට වගේ අද නුඹට මතකද?
අනිවාර්යයෙන් ඔයාට වරමක් හම්බ වෙයි.
Deleteතරුත් කතා නැති
ReplyDeleteනිහඩ ලෝකයක
මා පමණක් තනිවිය
නුඹ නැති රැයක...
නින්ද නොයෙන
අළුයම මොහොතක
සිහිනෙන්වත් දැවටෙමි
නුඹේ ආදර මතකයක...
ප්‍රථම ප්‍රේමය කියන්නෙ තනිකරම සිහිනයක්.. සුන්දර සිහිනයක්.... ඒත් දුක හිතෙන අවසානයක්..
Deleteමං හිතන්නෑ.......:/
ReplyDeleteමතකයි කියලද? අමතකයි කියලද?
Deleteදෙකම වෙන්නත් පුළුවන්....:)
Deleteලස්සන සිතුවිල්ලක්...
ReplyDeleteස්තුතියි අයියේ...
Deleteසුන්දරයි !
ReplyDeleteස්තුතියි යාළුවා...
Deleteමතකය කියන එක අපිව තදින් වෙළා ගෙන ඉන්නවා
ReplyDeleteඅනිවා... සොඳුරු මතකයන් ගොඩයි..
Deleteකොහොමනම් අමතක කරන්නද...
ReplyDeleteපළවෙනියටම කෙල්ලෙක්ට දුන්න පළවෙනි කිස් එක...
Deleteහරි සොදුරු අත්දැකීමක් නේද ප්‍රථම ප්‍රේමයේ පළමු හාදුව ?
ReplyDeleteඔව් රොබින්, කවදාවත් අමතක නොවන සොදුරු අත්දැකීමක්...
Deleteදුන්නද? දුන්නද? කවද්ද? කවද්ද?
ReplyDeleteපාටියක්... පාටියක්...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
දුන්නා දුන්නා.. හෙබැයි මීට අවුරුදු 12 කට කලින්...
Deleteලස්සනය් ඇත්තටම..
ReplyDeleteස්තුතියි පුබුදු..
Deleteම්ම් අදටත් ඇස් පියාගෙන ඒ උණුහුමම ඒ තිගැස්මම ඒ සොඳුරු බවම ඒ විදියටම විදින්න පුලුවන් දෙයක් නෙව මේ පලමු හාදුව
ReplyDeleteඅනිවර්යයෙන්ම.. තාමත් මට ඒ මතකය හරිම සොඳුරුයි...
Deleteහපොයි ඇඩෙනවා තනි ඇහැට.....අවුරුදු 12ක් ඕක මතක තියාගෙන හිටියද....
ReplyDeleteවෙන්නත් පුළුවන්....හ්ම්...
නුඹේ සෙනෙහසත් සේ..
ReplyDeleteනුඹේ හාදුවත් අහිමි වි..
හඬනවා නුඹට ඇසෙනවද..
නුඹට දැනෙනවද කියන්න..