
හිමිදිරියේ පිනි වැටුනු,
ගුරු පාර කෙළවරක,
ඇවිදයන්න ආයෙමත්....
වෙල් එලියේ මඳ සුලඟට,
දඟ කරන නුඹේ කෙහෙරැලි,
වසාගත් නුඹේ දෙකොපුල්,
සිපගන්න ආයෙමත්....
උරතලයේ හිස හොවාන,
සුවෙන් නිදන නුඹ දිහා,
ඇසිපිය නොහෙලා නෙත්,
බලන් ඉන්න ආයෙමත්....
හීනෙනුත් හිත ඉල්ලන,
හිත පුරා දඟ කරන,
නුඹේ පිරුනු ආදරය,
විඳගන්න ආයෙමත්.....
මං එන්නද හෙට උදේම,
හීන අරන් ආයෙමත්............
එන්න එන්න හින අරන් එන්න..
ReplyDeleteමේ දැන්ම්...?
Deleteහීන කියන දේවල් ජීවිතේකට වැඩියෙනුත් නැතුව අඩුවෙනුත් නැතුව ටිකක් තිබුණාම හොඳටෝම ඇති :)
ReplyDeleteඇත්ත ඇත්ත.... මටත් එහෙම හිතෙනවා..
Deleteදකින දකින හැම හීනෙම
ReplyDeleteඑළිය කල නුඹේ රූපෙම
ආයෙමත් ආවා නොදැනිම
පාට කරනට මගේ හීනෙම...
පාට කරන්න,
Deleteහීන ඔක්කොම,
දෙන්න මට,
මොහොතකට අවසර...
නුඹෙ අතින් අල්ලගෙන
ReplyDeleteවෙල් එළියෙ දිව යන්න
උරතලයේ හිස හොවාන
නුඹෙ උණුහුමට ගුලිවෙන්න
හිතම හිරි වට්ටන
අපේ හීන වල කිමිදෙන්න
හෙට උදෙන්ම දිව එන්න
ආසයි ඔය මුහුණ දැකගන්න
එයි එයි.. අනිවාර්යයෙන් එයි...
Deleteකෙලීගෙ පුංචි හිත හීන වලින් බරකරල මාරුවෙනවා හෙම නෙවෙයි ඕං.....
ReplyDeleteප්‍රේමනීය කව්යක්....
හි හි හී... එහෙම කරනවද මේ මං... ස්තුතියි මලයා...
Deleteඅඩුත් නැති , වැඩිත් නැති. අනවශ්‍ය සක්ක පද නැති හොඳ කවිබන්තියක් දැනේන ලියල තියෙනවා. ඒවගේ නිර්මාණාත්මක අදහස අපූර්ව ආකාරයෙන් පෙළගස්වා තිපබනවා. හොඳ නිර්මාණයක්.
ReplyDeleteබොහෝම ස්තුතියි රත්නායක මහත්තයෝ.. ඔබ වැන්නෙකුගෙන් මෙවන් අගයකිරීමක් ලැබීම මට ලොකු සතුටක්...
Deleteරෑට අවොත් කොහොමද ?උදේට නිදාගන්නේ නැහැනේ ...
ReplyDeleteරෑ බලපු හීනත් එක්ක තමයි උදේට එන්නේ......
Deleteසුදු අතින් අල්ලගෙන
ReplyDeleteවෙල් එලියේ මඳ සුලඟට
උරතලයේ හිස හොවාන
හීනෙනුත් හිත ඉල්ලන
හ්ම්ම්ම්ම්
නුඹ දිහා
බලන් ඉන්න
හෙට උදේම
එන්නද
ආයෙමත්
මම
හෙට එළි වෙනකල් මම බලගෙන ඉන්නවා...
Deleteසෑහෙන්න ලස්සනයි...........
ReplyDeleteThanks මචෝ...
Deleteපරක්කු වැඩිද මන්ද......
ReplyDeleteගොඩාක්.... පරක්කුද?
Deleteහ්ම්ම්ම්ම්ම්ම් මට දැනුනෙ ඒවගේ...
Deleteවෙල්යාය කපාගෙන
ReplyDeleteමුදු සුළන් හමනවද තාමත්
අපි නැතීව වැට දිගේ
පිච්ච මල් පිපෙනවද තාමත්
රෑ අහස පුරා මම
නුඹේ රුව අදිනවා තාමත්
හෙට එලි වෙන්නේ කීයටද
සඳු ගියේ නැද්ද තාමත්
රතුපාට මල් ගවුම
තියෙනවා මන් ගාව තාමත්
කොන්ඩෙ නම් දිග නෑ
එත් දඟ කරනවා තාමත්
තනිපාට නිල් කමිසේ
ආසයි මන් ඒකට තාමත්
මන් දිපු පුන්චි තෑග්ග
නුඹට හැඩට ඇති තාමත්
එළිවෙන්නේ කීයටද
රෑ දෙකයි තාමත්
අපි හෙට මුණගැහෙනවා
අවුරුදු 12ට පස්සේ ආයෙමත්...
හම්ම්ම්ම්... අවුරුදු 12කින්......
Deleteහ්ම්ම්ම්...... උදේ වෙද්දි හීන පර ව්එයිනේ???
ReplyDelete