Friday, June 8, 2012

පළමු හාදුව..

අදරෙන් මං දුන්න,
පළමු හාදුව නුඹට,
අමතක වෙන්නෙ කොහොමද,
නුඹ නැති උනාට
අද මගේ ලඟ....

හදවතින් ගැහි ගැහී
නළල් තලය සිපගත්තෙ මං,
අද වගේ දවසක
නුඹට මතකද?

සීතලට මිදුනු,
මගේ දෙතොලග
උණුසුම් කලා මොහොතකට,
ආදරේ පුරෝගෙන,
නුඹට මතකද?

තරු එක්කත් හිනා උනු
නුඹේ ඔය දෙනෙත් යුග,
කියාදුන්න මට ආදරේ ගැන..
මට වගේ අද නුඹට මතකද?

27 comments:

  1. ඒක අමතක වෙන්නෙ කොහොමෙයි

    ReplyDelete
  2. තරු එක්ක හිනැහෙන්න
    ඒ ආදරේ කිමිදෙන්න
    උණුහුමේ දැවටෙන්න
    දෙවිදුනි වරමක් දෙන්න

    දෙතොල තබමින් සිපගන්න
    ආයෙ ආයෙත් විදගන්න
    ඔහු ලගට වී ඉන්න
    දෙවිදුනි එක වරමක් දෙන්න

    ලස්සනයි...මම ආසයි මේ පද ටිකට

    තරු එක්කත් හිනා උනු
    නුඹේ ඔය දෙනෙත් යුග,
    කියාදුන්න මට ආදරේ ගැන..
    මට වගේ අද නුඹට මතකද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් ඔයාට වරමක් හම්බ වෙයි.

      Delete
  3. තරුත් කතා නැති
    නිහඩ ලෝකයක
    මා පමණක් තනිවිය
    නුඹ නැති රැයක...

    නින්ද නොයෙන
    අළුයම මොහොතක
    සිහිනෙන්වත් දැවටෙමි
    නුඹේ ආදර මතකයක...

    ReplyDelete
    Replies
    1. ප්‍රථම ප්‍රේමය කියන්නෙ තනිකරම සිහිනයක්.. සුන්දර සිහිනයක්.... ඒත් දුක හිතෙන අවසානයක්..

      Delete
  4. Replies
    1. මතකයි කියලද? අමතකයි කියලද?

      Delete
    2. දෙකම වෙන්නත් පුළුවන්....:)

      Delete
  5. මතකය කියන එක අපිව තදින් වෙළා ගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අනිවා... සොඳුරු මතකයන් ගොඩයි..

      Delete
  6. කොහොමනම් අමතක කරන්නද...

    ReplyDelete
    Replies
    1. පළවෙනියටම කෙල්ලෙක්ට දුන්න පළවෙනි කිස් එක...

      Delete
  7. හරි සොදුරු අත්දැකීමක් නේද ප්‍රථම ප්‍රේමයේ පළමු හාදුව ?

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින්, කවදාවත් අමතක නොවන සොදුරු අත්දැකීමක්...

      Delete
  8. දුන්නද? දුන්නද? කවද්ද? කවද්ද?
    පාටියක්... පාටියක්...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දුන්නා දුන්නා.. හෙබැයි මීට අවුරුදු 12 කට කලින්...

      Delete
  9. ලස්සනය් ඇත්තටම..

    ReplyDelete
  10. ම්ම් අදටත් ඇස් පියාගෙන ඒ උණුහුමම ඒ තිගැස්මම ඒ සොඳුරු බවම ඒ විදියටම විදින්න පුලුවන් දෙයක් නෙව මේ පලමු හාදුව

    ReplyDelete
    Replies
    1. අනිවර්‍යයෙන්ම.. තාමත් මට ඒ මතකය හරිම සොඳුරුයි...

      Delete
  11. හපොයි ඇඩෙනවා තනි ඇහැට.....අවුරුදු 12ක් ඕක මතක තියාගෙන හිටියද....
    වෙන්නත් පුළුවන්....හ්ම්...

    ReplyDelete
  12. නුඹේ සෙනෙහසත් සේ..
    නුඹේ හාදුවත් අහිමි වි..
    හඬනවා නුඹට ඇසෙනවද..
    නුඹට දැනෙනවද කියන්න..

    ReplyDelete