Saturday, November 17, 2012

දස්කොන්..

පහන් තිර එළියෙන් වත්
නුඹේ රුව දකිනු රිසියෙන්,
පියමන් කලා මන්
බිසවුනි නුඹ දකින්නට..

රාජකීය සයනයේ,
රජුන් සනසන රුවැත්තී,
ලෙන්ගතු උනා මම හැමදාමත්
සංසාර පුරුද්දට...

තහනම් උනත් ප්‍රේමය,
බිසවුනි නුඹ උන්නෙ මන් ගාව,
මුතු වැස්සක් වගේ නුඹ,
කැළඹුවා මගෙ හද විලම...

අමාවක සකි සඳකි,
අපි අපේ ලඟින් උන්න,
සඳලුතල කෙළවරක,
අමරණීයයි අපේ ප්‍රේමය...

නුඹට පෙම් කල වරදට,
වදක මල් ගෙල රුවගෙන,
දංගෙඩියට හිස තියාන,
ප්‍රමිලා මම නුඹ සෙව්වා,
වදක බිම පුරාවට..........



10 comments:

  1. ලස්සනයි.. කවුරැත්ම කතා නොකරන තේමාවක්.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් ! ප්‍රමිලාගේ ප්‍රේමය දස්කොන් වින්ඳේ මෙහෙම වෙන්න ඇති.පහු ගිය දවස්වල පොතක් කියවන්න ලැබුනා. ඒකේ තිබුනා දස්කොන් කියන්නේ රාජසිංහ රජතුමා හදා ගත්ත කොළු ගැටයෙක්ය කියලා. ඒ කතාව ගැන හොයන්න ඕනේ...

    පද ටික නම් අපූරුයි ලොක්කයියා... :)

    ReplyDelete
    Replies
    1. කතා නම් ගොඩක් තියනවා. මේ post එක කියවල බලන්නකෝ..

      http://tharuarundathi.blogspot.com/2011/12/blog-post_10.html

      Delete
    2. http://www.silumina.lk/punkalasa/20110501/_art.asp?fn=ar11050110

      Delete
    3. http://www.dinamina.lk/sanwedi/art.asp?id=2010/08/30/sPg09_0

      Delete
    4. ස්තුතියි ලොක්කයියා...

      Delete
  3. ලස්සන කවි පෙලක්.... මේ හා බැඳුනු විවිද කථාන්දර බොහොමයක් තියෙනවා...

    ReplyDelete
  4. මම නුඹ හෙව්වා වදක බිම පුරාවට..

    අපූරු කවි පෙළක්..! :)

    ReplyDelete
  5. දස්කොන් ප්‍රමිලා පුරාවෘත්තය නැවත අලුත් ඇසකින් ප්‍රති නිර්මාණය නියමයි.

    ReplyDelete
  6. ලස්සනයි ......................
    මේ ගැන තියෙන ගීත ටික මතක් වුණා.....

    ReplyDelete