Thursday, October 3, 2024

නාපෝලියේ මනාලිය...

සිහින් රත් දෙතොල් පෙති,
ඇත්දළ පාට දෙකොපුල්,
උනුහුමින් මත් උනු,
ඇගේ අනුරාග කෙඳිරිලි..

දහදියෙන් තෙත් උනු,
නිතඹ වසා දික් උනු,
තඹ පාට ගණ වරලස,
මවයි සයනයේ සිත්තම...

රෝමයේ දෙවඟන,
පරදන සොඳුරු උවැසිය,
ඉතාලියෙන් ගෙනා මගේ,
නාපෝලියේ මනාලිය...

෴ ලොක්කයියා ෴

ගිණි පුලිඟු අනුරාග...

හුදකලා අඳුරක,
තනිවුනු සියක් සිත් මැද,
සියුමැලි මතක,
මවයි ඇගේ උවනත...

දිගු දෙනෙත් අබියස,
ගෙවුන සොඳුරු මොහොතක,
දුම්වැටිය පරදන,
ගිණි පුලිඟු අනුරාග...

ජින් උගුරු දෙකකුත් ඇති,
ඇස් කෙවෙනි පුරවන,
කලු සුදු නමුත් පැහැදිලි,
අයිස් කැට මතක...

෴ ලොක්කයියා ෴