Sunday, May 12, 2013

විලම්බීත නගරය..

යක්දෙස්සියන්ද?,
දෙවඟනන්ද?,
සිහින දකින පරාදීසයේ..
ඉඟි පාන විසල් නෙතු යුග
සැරිසරන මේ සුරපුරේ....

සල්ලාල සිත් එක්ක,
නිදි වදින මේ මැදියමේ...
ආත්මයට ගිනිතියන,
උන් ඉන්නෙ මේ නගරයේ..

නිමක් නොපෙනෙන මේ
සංසාර චක්‍රයේ....
මම කොහෙද කොතැනකද,
මේ විලම්බීත නගරයේ............


Friday, March 8, 2013

නොන්චි..

කප්පරක් ගෑනු උන්නත් මේ වගේ ළඳක්..
කොයි ඉසව්වකින් ආවද මේක හීනයක්..
කන්කරච්චලෙන් බේරිල ඉන්න තව ටිකක්...
දෙයියනෙ...
නොන්චි මේ ලඟින් නැති එක පූරුවේ පිනක්....

රන් කඳක් වගෙයි මේකිගෙ මූණ රත්තරං...
දෙනතකත් අගෙයි හරියට මක්කදෝ වගෙයි...
හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම්.. රිඟතං..
තට්ටමෙන් කියයි මේකිගෙ ගාය කොයිතරං......

තුන් පොලේ අඩවු අල්ලන නොන්චිගෙ කටේ..
සවුදමෙන් ටිකක් බේරිල ඉන්න මේ වගේ..
මේ වගෙ පින් කඳක්  ළඟින් මට ඇලවෙන්න නෑ පිනක්.. අම්මපා..
නොන්චිලා දහක් පරදන මේක රන් කඳක්....

එක දෙකක් උනේ මෙන්න මේ අවුසදේ බලෙන්..
දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයෙන්...
තුන් පැයක් වදෙන් බේරිල නොන්චි කෝලමෙන්.. ඇත්තමයි..
මං උනත් ඉතින් ඉන්නෙ මෙ අවුසදේ බලෙන්...

නොන්චිගේ කටින් කවදත් ඇහුවෙ නෑ හොඳක්....
ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්....
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්.. උන්දැගෙ..
මේ වදෙන් අනේ අම්මප නෑ තොලොන්චියක්...

පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ...
වළදනා කෙනෙක් ඇත්නම් දෝස නෑ අපේ..
මේ පණික්කලෙත් ඕවට රුන්ද ගති ගතං.. ඒ උනත්..
නොන්චිගේ කනේ වැ‍ටුනොත් කම්මුතුයි මමත්....

Re Roo 26-02-2013

Friday, January 18, 2013

ආදරණීය ______

 මම ඔයට ගොඩාරියක් ගොඩාරියක් ආදරෙයි, වචන වලින් කියන්න බැරි තරමට. අදටත් මට උත්තර හොයාගන්න  බෑ, ඇයි මම ඔයාට මේතරම් ආදරේ කියලා. හැමදාම ඔයා ලඟට වෙලා ඉන්න මම ප්‍රාර්ථනා කරනවා. එත් එහෙම වෙන්නෙ නෑ කියල මම දන්නවා.

කියා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් හිතේ තියාගෙන අද මම ඔයාගෙන් ඈත් වෙලා යන්නෙ. හැම මොහොතෙම  ඔයා මගෙ ලඟ ඉන්නවා කියලා මට දැනේවි. මට හරිම පාළුයි. හැමදාම මට කතා කරන්න. එතකොට මට ටිකක් හරි පාළුව මඟ ඇරේවි.  ආයෙමත් දවසක ඔයා ලඟට එන්න මම ඇඟිලි ගනිනවා.. ඒ දවස ඉක්මනින් උදා වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. 

මෙච්චර දුකක් කියලා දන්නවා නම් ඔයාට ආදරේ කරන එක, මම කවදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ. මම මුළු ජීවිතේම ඔයාට මේ විදිහට ආදරේ කරවි. පණටත් වඩා මම ඔයාට ආදරෙයි. මම එනකන් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට.

ආදරණීය _______.

Thursday, January 17, 2013

නුපුරුදු සුවඳ...

දැනෙනවා මට තවම
නුඹේ නුපුරුදු සුවඳ...
හැ‍ඟෙනවා මට තවම
පසෙකින් නුඹ සිටිනා බව....

සිතකින් නම් නොවේ මම
වෙන්ව ගියේ අද දින....
විඳිනවා තවම මම
නුඹේ ඔය ආදරය....

දෙතොලඟ පුරා ‍රැඳුනු
සිනහවට පෙම් කලා මම....
දෑඟිලි පටලා සුරත ගෙන
සිපගත්තා මම නුඹේ මුව...

මොහොතකට පෙර නික්මෙන්න
දු‍ටුවා මම නුඹේ වත...
දහසකුත් වදන් සිරවෙලා
කඳුළු පිරි දෙනෙත් අග..

ගෙවුනු කාලය නුඹ ලඟ
සොඳුරුයි නුඹසේම...
මියැදෙන්න හිතෙනවා මට
සදහටම නුඹේ ලඟ..............


Tuesday, December 18, 2012

නන්නාඳුනන සිහිනය..

නිල් අහස නුඹ වගේ
උදෑසනම හිරු නැගෙන,
අවිහින්සක ඔය සිනාව
සිත්තම් කරාවි හිස් අහස...

ඉඟි පාන දඟකාරී නුඹ
කවියක් වෙලා මගේ හිත,
ගෙන ගිහින් අනන්තයට
මටත් හොරා හෙමිහිට....

සමනළියක් වගේ නුඹ,
නෙතු මානයේ පියඹද්දි,
හීනයක රඳවලා මං,
පැන ගිහින් නුඹ හනිකට...

සඳවතිය ලඟ ඉද්දි
තරු ගොන්නෙ නුඹ සෙව්වෙ,
සැඟවිලා ගිහින් නුඹ මගේ
නන්නාඳුනන
        සිහිනය වෙලා අද .....