Friday, March 23, 2012

අහිමි මනාලි..

රාත්‍රිය නිමාවී.. උදැසන හිරු නැගෙද්දී...
ඇයත් එක්ක මම සිටියා, දෑත් පටලාගෙන...
මේ ගෙවෙන්නේ සොඳුරු සිහිනයක..,
අවසන් හෝරාවදැයි,
ඇයට තුරුල්වී.. ඇගේ කනට කොඳුරමින්...

අහිමි උනු අතීතයත්... නොලැබෙන අනාගතයත්,
යලි නොයෙන මේ ‍රැයත්...
මතකයට එක් කර.... හැරයන්න සිහිනයෙන්..
යලිත් දකින්නට අවසර නැති මට..
මගේ අහිමි මනාලියේ...


෴ ලොක්කයියා ෴

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නුබ දැක්‌ක සොදුරු සිහිනයේ අවසන් හෝරාව එය නම්
    මගේ ජිවිතේ මන් දැක්‌ක මන් විදපු මගේ
    ප්‍රථම ප්‍රෙමයේ අවසාන පණ කෙන්ද තමයි ඒ
    මට තාම මතකයි "ඔයාට දුක නැද්ද ඇහුවම"
    මුකුත් නොකිය නුබ උන්නු හැටි...

    මුතු

    ReplyDelete
  3. නෙත් පුරා සිත් පුරා තව වරක් දැක ගන්න
    එක්වරක් හිනැගෙන්න සොඳුර මට සැනසෙන්න

    ReplyDelete
  4. යලිත් දකින්නට අවසර නැති මට..
    මගේ අහිමි මනාලියේ..

    ඇඩෙනවා බං..

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා බං, මොනා කරන්නද?

      Delete
  5. ලස්සනයි... ඒවගේම දුක හිතෙනවා...

    ReplyDelete