අදරෙන් මං දුන්න,පළමු හාදුව නුඹට,
අමතක වෙන්නෙ කොහොමද,
නුඹ නැති උනාට
අද මගේ ලඟ....
හදවතින් ගැහි ගැහී
නළල් තලය සිපගත්තෙ මං,
අද වගේ දවසක
නුඹට මතකද?
සීතලට මිදුනු,
මගේ දෙතොලග
උණුසුම් කලා මොහොතකට,
ආදරේ පුරෝගෙන,
නුඹට මතකද?
තරු එක්කත් හිනා උනු
නුඹේ ඔය දෙනෙත් යුග,
කියාදුන්න මට ආදරේ ගැන..
මට වගේ අද නුඹට මතකද?





