Wednesday, June 13, 2012

හීන අරන් ආයෙමත්

සුදු අතින් අල්ලගෙන,
හිමිදිරියේ පිනි වැ‍ටුනු,
ගුරු පාර කෙළවරක,
ඇවිදයන්න ආයෙමත්....

වෙල් එලියේ මඳ සුලඟට,
දඟ කරන නුඹේ කෙහෙ‍රැලි,
වසාගත්  නුඹේ දෙකොපුල්,
සිපගන්න ආයෙමත්....

උරතලයේ හිස හොවාන,
සුවෙන් නිදන නුඹ දිහා,
ඇසිපිය නොහෙලා නෙත්,
බලන් ඉන්න ආයෙමත්....

හීනෙනුත් හිත ඉල්ලන,
හිත පුරා දඟ කරන,
නුඹේ පිරුනු ආදරය,
විඳගන්න ආයෙමත්.....

මං එන්නද හෙට උදේම,
හීන අරන් ආයෙමත්............

Friday, June 8, 2012

පළමු හාදුව..

අදරෙන් මං දුන්න,
පළමු හාදුව නුඹට,
අමතක වෙන්නෙ කොහොමද,
නුඹ නැති උනාට
අද මගේ ලඟ....

හදවතින් ගැහි ගැහී
නළල් තලය සිපගත්තෙ මං,
අද වගේ දවසක
නුඹට මතකද?

සීතලට මිදුනු,
මගේ දෙතොලග
උණුසුම් කලා මොහොතකට,
ආදරේ පුරෝගෙන,
නුඹට මතකද?

තරු එක්කත් හිනා උනු
නුඹේ ඔය දෙනෙත් යුග,
කියාදුන්න මට ආදරේ ගැන..
මට වගේ අද නුඹට මතකද?

Monday, May 28, 2012

පිපුනු මලක...


සදුත් නොමැති
තරු පිරි නැති
ඉර අවරට
ගියපු දිනෙක...

හෙලපු සුසුම්
වැටුනු කදුලු
මුතු අමුනා
ඉවර දිනෙක...

සිහින රැයක
නුඹේ සිනහා
රූ මානෙක
මැවෙන දිනෙක...

පිපුනු මලක
වැහි බිදුවක
ගී තනුවක්‌
වැයෙන දිනෙක...

යලි හමුවෙමු
ඉස්‌සර වගේ
පන්ති ගියපු
ශනිදාවක...

Wednesday, May 23, 2012

නුඹ කොහිද...


දහසක්‌ පෙරුම් පුරන්
හිත මිතුරු ආදරේත් අරන්
සිහින ඔක්‌කොම වෙනස්‌ කරන්
පෝරු නැග්ගා අපි!...

කොහේදෝ දුර ගිහින්
ආදරයක්‌ නෑ හිතේ
වෛරයක්‌ වත් නෑ මගේ
නුඹ කොහිද කොතැනද
හොදින් ඉන්නවද කොහේ.....

අපරාදේ ජිවිතේ
අපිට අපි හමුවුනේ
වරද කාගේද ඔබේද මගේ
නෑ අපේ දෛවයේ.......


Tuesday, May 22, 2012

සිප ගන්න එක වරක්...

බලන්න මොහොතකට,
නැවතී එක් වරක්,
ගෙවීගිය අතීතයෙන්,
දෙන්න මට බිඳුවක්.....

හිනැහිලා නෙතුසලා,
සිප ගන්න එක වරක්,
රඳවන්න දෙතොලඟ,
නලලත මොහොතක්....

තුරුළු වෙලා ඉකිබිඳින්න,
දෙන්න මට මොහොතක්,
උණුහුමට ගුලි වෙලා,
‍රැ‍ඳෙන්න තව මොහොතක්....

ගිලිහුනු අතීතයට,
යන්න  බෑ දැන් ආයෙත්,
නුඹේ සෙනෙහස ලඟ,
ගොළු වෙලා මං තාමත්.........

෴ ලොක්කයියා ෴

Tuesday, May 15, 2012

හංසියේ....

ආදරණීය හංසියේ....

මගෙ හිත ආදරෙන් පුරෝපු,
හිමිදිරියට වඩා සොඳුරු,
ඔය සුදු මූහුනට හාදුවක් දෙන්න,
හිතෙනවා මට,
මේ දැන්ම දුවං එන්න..

පෙති දෙපෙති විහිදාන,
පිපුනු මල්ගොමු  පරදන,
නුඹේ ඔය සිනහ මල්,
සුන්දරයි පෙරසේම....

අතීතයේ දොඩමලු උනු,
නුඹේ විසල් දෙනෙත් යුග,
යළි දකින්නට හැන්දෑවක,
පෙරුම් පුරනවා මං හැමදාම...

අහස තරම් දුරින් ඉන්න,
නුඹට මම පොළොව උනාට,
හංස ගීතයේ තනු වයන්න,
තහනමක් ඇත්ද,
මේ සොඳුරු සිතට...

෴ ලොක්කයියා ෴

Tuesday, May 8, 2012

මායාව..

අදහගන්නත් බෑ මට,
මේ දකින්නේ මායාවක් ද,
බොඳවුනු සිහින්යක්ද,

අතීතය සිත්තමක් කෙරු,
මගේ සිහින සිත්තරාවිය,
හිමිදිරිය පරදන,
සිනා මුව සඟවාගෙන,
පුංචි සිඟිත්තියක,
ළැමට තුරුලු කරගෙන,
විසල් යුග නෙතු,
බොඳ කරන් අද,
පිය මැන්නා බෝ මලුව,
දිහාවට...

නැවතුනා මොහොතකට,
හමුවුනා දෙනෙත් යුග,
පෙරදා වගේමයි,
ඒ සුවඳ දැනුනා මට...

දොඩමලු වුනු අපේ සිත්
වෙන්වුනා මොහොතකට,
නොකියූ කතාවක්,
හදවතේම සඟවගෙන...

ප/ලි .................................

අපිට අපි අහිමි වුන,
ලෝකයේ දෙතැනක,
නුඹ මෙන්ම මමත්,
සිහින දකිනවා තවමත්...

෴ ලොක්කයියා ෴