
නුඹ හැඩ වෙද්දී...
පාවඩ එලා, උඩුවියන් බැඳ,
මඟුල් බෙර වැයෙද්දී..
කෙන්ඩියෙන් පැන් දොවා,
රන් හුයෙන් ඳෑගිලි පැටලෙද්දී...
බුලත් හුරුල්ලෙන්, ජය මඟුලෙන්
ආසිරි ගී ගැයෙද්දී...
නුඹේ අතගෙන, පොරු මත හිඳ
හිනැහෙමින් ඔහු මදෙස බලදී......
මළ බෙර වැයුනා මගෙ සිහිනයට
නුඹ අද පිටගම් යද්දී.......
෴ ලොක්කයියා ෴
අත්දැකීමක් අකුරු කරලා වගෙයි දැනුනේ!!! දුකයි!! ඒත් ලස්සනයි!!
ReplyDeleteඇත්තම කිව්වොත් ඔව්, එයාගෙ වෙඩින් ෆොටෝස් දැක්ක ගමන් තමයි මේක ලිව්වේ. ඒක ලොකු කතාවක්...
ReplyDeleteඅහ්හ්... දුකයි!! ඇත්තම දෙයක් නිසා වෙන්න ඕනෙ ඒ තරම් දැනෙන්න ලියැවිලා තියෙන්නෙ.. මේක ජීවිතේනෙ අයියෙ.. මූණ දෙන්න..
Deleteමේක සින්ඩි වලට දැම්මාද අයියේ?? බ්ලොග් එක කියවන්න තව අය එකතුවෙයි...
Deletehttp://sindilanka.blogspot.com/ මේක නේද? මම Submit කරා, තාම Reply එකක් නම් නෑ.
Deleteහ්ම්ම් ඔව් තව සින්ඩි තියෙන්වා..ඒවා ඔක්කොමටම දාන්න.. බුකියේ ගෲප් එකටත් ඔයා ඇඩ් වෙන්න. එතකොට ඔයා එක පෝස්ට් එකක් දැම්මාම ඒකෙ ලින්ක් එක ගෲප්ස් වල පබ්ලිශ් කලාම කට්ටිය කියවන්න එයි..:)
Deleteඅනික අයියෙ පෝස්ට් දෙකක් අතර ටයිම් ගැප් එක ටිකක් වැඩි වෙනවානම් තවත් හොදයි..එතකොට කියවන්න එන්න ලේසියිනෙ.
කොහොමද group එකේ නම තියෙන්නේ?
Deleteඔසරි පොටින්, මාල හතෙන්,
ReplyDeleteහැඩ වෙද්දී...
පාවඩ එලා, උඩුවියන් බැඳ,
මඟුල් බෙර වැයෙද්දී..
කෙන්ඩියෙන් පැන් දොවා,
රන් හුයෙන් ඳෑගිලි පැටලෙද්දී...
බුලත් හුරුල්ලෙන්, ජය මඟුලෙන්
ආසිරි ගී ගැයෙද්දී..
සිනසුනා මතකයි
හැමොම මන් ලග හිනා වෙද්දි...
හැඩුම් පිට කලා මහ හයියෙන්
සතුටු කදුලු වගෙ
හැමෝටම දැනෙද්දි...
අසරණ කමක් දැනුනා
තව එකෙක් ළග ආයේමත්
ජිවිතේ යදිද්දී...
අපරාදේ හිතුනා ජිවිතේ ගැන
එදා දුන්න නම් ආදරේ නුබට
අයෙමත් අයෙමත් ඉල්ලද්දි...
හින ඔක්‌කොම බොද කරන්...
අවාම ගෙදර අම්මා හැඩුවා
නුබටත් වඩා හයියෙන්
මහ පොළව නුහුලද්දි....
මුතු