Sunday, April 1, 2012

මං මෙතන මියැදිලා...


නුඹ හින්ද මං දැක්ක,
හීන ඔක්කොම බොඳ වෙලා..
නුඹ කියූ වදන් වලට,
මගේ හිත ගල් වෙලා....

අඬන්නට කඳුලු නැතුවම,
මගේ නෙතුයුග වේලිලා....
ලියූ සිය දහස් කවි එක්ක,
මගේ හිත දැන් තනිවෙලා....

මල් පිපුනු  වසන්තයම,
ඉඩෝරයකට අද අහුවෙලා..
නුඹ දුන්නු දුක එක්ක,
මං මෙතන මියැදිලා.....


෴ ලොක්කයියා ෴

6 comments:

  1. //නුඹ දුන්නු දුක එක්ක,
    මං මෙතන මියැදිලා.....//

    ම්ම්ම්... මියැදුණු මතක, ආයෙත් පණ ගන්වන්න ගියාම ඔක්කොටම වඩා දුකයි!! ලස්සන නිර්මාණයක් අයියේ!!!

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි නංගි, ජීවිතේ අපි පරාද වෙන වෙලාවල් වැඩියි දිනන වෙලාවල් වලට වඩා.. අතීතය දුකක් වුනත් පුංචි මිහිරියාවකුත් එකෙ තියනවා කියලා මට දැනෙනවා...

    ReplyDelete
  3. ලියු එක කවියකින්
    ජිවිතේ අරන් එන්න
    අදරේ ඒ අතර අතුරා
    සිහිනයක්‌ තියා යන්න

    දුන්නු එක කන්දුලකින්
    අයෙමත් නැගිටින්න
    වසන්තය ඉවර නැ
    ඉඩෝරය දැන් යන්න

    හින ගොඩ නුබ දැක්‌ක
    බොද උනත් හැමදම
    කියු වදන් ගල් නොවි
    ඇත සිතේ හැමදම

    ReplyDelete
  4. Unknown... මමමමම.....

    හීන අලුතෙන් දකින්න
    හයියක් නෑ තාම..
    පිච්චිලා අලු වෙලා...
    ආදරණීය පුන්චි හිත....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පෙරුම් පුරන්
    ජිවිතේ හදන්
    අදරේ පුරවන්
    මග බලන් ඉන්න..
    අපි අපේ වෙවි
    කවදාක හරි ඉතින්

    මුතු

    ReplyDelete