Tuesday, April 3, 2012

නුඹේම වන්නට..

හිත හිරිවට්ටන 
ඔය නෙතු සඟලට
පෙම් කෙරුවා මං හැමදාමත්...

නුඹේම වන්නට
හුරතල් වන්නට 
පෙරුම් පිරුවා මං හැමදාමත්...

නුඹේම නෙතඟින් 
දුරස් කරන විට
හැඬුවා හිත මගෙ හැමදාමත්...

වෙනකෙකු අතගෙන 
දිවි දුර යද්දිත්
හිත ඉල්ලුවේ නුඹ හැමදාමත්...

1 comment:

  1. හිතන්නෙපා ආයෙත්
    අපි අපිට දුර වැඩී
    හඩන්නෙපා ආයෙත්
    අපි හැඩුවා වැඩී

    හැරෙන්න එපා ආයෙත්
    ගිය මග දුර වැඩී


    මුතු

    ReplyDelete