
ගිනි වැද්දුවා මුලු හිතම,
සරාගී දෙනෙතින්,
හිනැහිලා මට....
රැයම මගෙ සොරා ගෙන,
හීන ඔක්කොම ගුලි කරන් නුඹ,
වැතිරුනා මගෙ සයනයේ,
උණුහුමින් මා වෙලාගෙන...
සෙවනැල්ලටත් නොකියාම,
පියමැන්න කින්නරාවි නුඹ,
නිතඹ නළවන අපුරුවට,
පෙම් කලා මං හැමදාම....
තරු ගොන්නට සඳක් වුනු,
කින්නරාවි මගේ නුඹ,
හදවතට තුරුලු කරන් මම,
දකිනවා තවම ඒ කින්නර සිහිනය...
෴ ලොක්කයියා ෴
එල... රූපේ ෆ්‍රන්ට් එලෙවේෂන් එකක් තිබුනානනං ඊටත් එලය.. :)))
ReplyDeleteහිතෙන් මවා ගන්න තමයි වෙන්නේ. ;) හික්ස්.....
Deleteහ්ම්ම්.. ලස්සනයි... මේක මටද දන්නේ නැහැ ලිව්වෙ නේද? ;) :D
ReplyDeleteඅපෝ .... ඔයා විතරද කින්නරාවි කියලා ඉන්නේ? .. ඔයාට කවි ලියලා මට ඔයාගෙ මනුස්සයගෙන් ගුටි කන්න තමයි වෙන්නේ......
Deleteකොච්චර උනත් යට හරිය මාලුනේ ඒක නිසා දියකිඳුරිය කියන සත්වය සොඳුරු දෙයක් හැටියට මට පේන්නේ නැහැ :-D
ReplyDeleteඒක ඉතින් උඹේ වෙලාව තමයි, ;)
Deleteහරිම අපූරුයි නිර්මාණයත් පින්තූරයත් දෙකම
ReplyDeleteස්තුතියි කාව්‍යා
Deleteම්ම්ම්ම්.....පට්ට...
ReplyDeleteස්තුතියි තරූ..
Deleteලොක්කයියගේ කවි ටික නම් පට්ට ඈ. දෙපාරක්ම කියෙව්වා !!!
ReplyDeleteස්තුතියි මචං, හිතට දෙනෙන දේවල් ලියන්න එපැයි...
Deletelassanai
ReplyDeleteස්තුතියි සචිත්
Delete