Tuesday, April 24, 2012

ඕලු මලක් තැනුවා...

කිරි කොතලෙට ගොම වැ‍ටුනට,
කොතලෙන් කිරි බිව්වා...
පැණි මත කුහුඹුවො වැසුවට,
පැණි වල රස බැලුවා...
පිපාසයට කර දියරෙන්,
අමා පැනක් සැදුවා....
පෙති විසිරුණු සියපතකින්,
ඕලු මලක් තැනුවා.......

ඉර ගොරවා සඳ ගොරවා,
මට කලුවර කෙරුවා...
කලු දිය පොකුණක පතුලේ,
මට යහනක් තැනුනා...
මම හදාපු ඕලු මලෙන්,
මට සුවඳක් දැනුනා...
නෙලුම් මලක ‍රැදුන සුවඳ,
ඕලු මලෙත් තිබුනා....


4 comments:

  1. කවි ටික නම් සුපිරියි...
    එදා මම ලොකු අයියව හොයාගෙන යනකොට මට මුණ ගැහුනේ ලොක්කයියා වෙච්ච උඹව. ඔන්න ඉතින් මමත් ආවා මේ පැත්තට....

    ReplyDelete
    Replies
    1. එදා වැඩිය කතා කරන්න බැරි උනාට සමාවෙයන්, මට මේක ටිකක් විතර අලුත් නිසයි කැරකි කැරකි හිටියේ..

      Delete