පැතුම් ගොඩක් හද පුරෝගෙන,
පියුම් හතක් දෝත දරාගෙන,
මතකද අපි පිය මැන්නා,
බුදු සාදු වඳින්නට.....
මල් පහන් පුද කර,
පැතුවා ලඟින් ඉන්නට,
හැමදාමත් මුලු සංසාරෙම,
උපදින හැම භවේදිම...
බෝ මලුව පාලුයි,
පැතුම් පොදි එහෙමමයි,
හැබැයි මං අද තනියෙන්,
නුඹ නම් නෑ මගේ ලඟ.....
෴ ලොක්කයියා ෴
බෝ මලුව පූරාවට කොළ වැටිලා
ReplyDeleteමූදූ හුළගට එදා වගේමලු...
සක්මන් මලුව පීරගෙන හුලග
හමනවා තාමත් එදා වගේමලු...
මල් විකුණන මහ සෙනග
කෑ මොර දෙනවා එ වගේමලු...
අපි අපිම විතරක් වෙනස් වෙලා
එත් වැරදි කාරයෝ අපි නෙවෙයි අනිත් හැමොමලු...
මුතු
ආදරේ නාමයෙන්, මල් පහන් පත්තු කරලාඅ දෙයියෝ බුදුන් යැදුවත්, හිතේ ඇවිලෙන ගිනි දෙයියෝ බුදුන්ටවත් නිවන්න බැරිවෙන වෙලාවල් තියෙනවා අයියේ!!!
ReplyDeleteනුබ ඇති බව දැනෙයි කොහේ හෝ මේ අහස යට
ReplyDeleteදාහක් දුක් ගිනි ඇත මට කියන්නට
පිස නොදැමූවත් වැටෙනා මේ කදුලු කැට
කියන් මගේ සද එ දුක දැක නුබ හඩාවිද
මුතු
පිසලන්න ඔය කඳුලු කැට,
ReplyDeleteනුඹ දුරයි මේ අහස යට,
දාහක් ඔය දුක් ගිනි,
නිවේවි හෙට දින,
එතෙක් අද දින,
සිනාසෙන්න රත්තරං,
ගෙවන මොහොත සුන්දර නම්....
පව්කාර ජිවිතෙත් අරන්
ReplyDeleteමහ ගොඩක් කදුලුත් අරන්
යන්න මගක් නොදැන හරියට
හිනාවෙන්නේ කෝමද
ගෙවෙන හැම මොහොතම
මගේ ජිවිතේ මටත් අහිමි කොට
මුතු
සමාවෙන්න, ඔයා "නුඹ" කියන එකට දාපු Comment එක මගෙ අතින් Delete උනා. අයිත් අක දාන්න..
Deleteහරිම ලස්සනයි ලොක්කයියේ... :)
ReplyDeleteහැබැයි මම හැම තිස්සෙම හිතන්නේ ගතින් ළඟ නැති උනත් අපි ආදරේ කරන අය හැමතිස්සෙම අපේ හිත ළඟින් ඉන්නවනේ. ඉතින් ඒකත් සැනසිල්ලක්...