Saturday, April 28, 2012

රාත්‍රිය තවම තරුණයි..

රාත්‍රිය තවම තරුණයි,
උණුහුමට ඇය තුරුලු වෙයි,
මෙය අලුත් ආරම්භයක් ද?
මෙය අලුත් ජීවිතයක් ද?
එනමුදු සිත තවම,
නුඹ සොයයි..........

කාලය සෙමෙන් ගෙවීයයි,
අලුත් සිහින මහ ගොඩයි,
ඇය නම් පෙරදා වගේමයි,
ආදරෙන් මට තුරුලු වෙයි,
එනමුදු තවමත්,
නුඹේ මතකය එහෙමමයි......

සිතිජඉම හරිම සොඳුරුයි,
අපෙ අතීතය වගෙයි,
මතකය බොහොම දුරයයි,
ජීවිතය අද නැවතිලා වගෙයි,
එනමුදු මං ඇයට,
මහ ගොඩක් ආදරෙයි..........

෴ ලොක්කයියා ෴

8 comments:

  1. හරිම ලස්සනයි!!!!

    සිතිජඉම හරිම සොඳුරුයි,
    අපෙ අතීතය වගෙයි,
    මතකය බොහොම දුරයයි,
    ජීවිතය අද නැවතිලා වගෙයි,

    හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් කවදාවත් අමතක වෙන්නෙ නෑ..

      Delete
  2. ම්ම්ම්ම්....ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. තරූට මෙහෙම හිතිලා නෑනේ...

      Delete
  3. Replies
    1. සිතට වහල් වීමි.
      හම්ම්ම්ම්.. වර්ෂගේ කතාවත් හරි.

      Delete
  4. හිත් අහසට පායාපු
    සද කිරණ වගේ නුබ
    මගේ හිත ලග
    නතර වෙනකොට

    ජිවිතේ මහ දුරක්‌ ඇවිත්
    වීඩා වුනු මගෙ හිතට
    පිණි වැහි වහිනවා
    නුබේ හිනා මල් පිපෙනකොට

    ReplyDelete
  5. පින්තූරයට හිත ගියා ගොඩක්‌, මට හිතෙන්නෙම ඒ මමයි ඔහුයි කියලමයි.. චායාව එ වහේමයි.. කොන්ඩය, උස, හැඩරුව හැමදේම... කවිය විතරක්‌ නෙවෙයි...ෆොටොවත් මට ගොඩාක්‌ සමිපයි වගේ....

    ReplyDelete